ළිඳකින් වතුර වෙනුවට අම්මෙක් එක්ක පුංචි පැටව් දෙන්නෙක්ගේ මළ සිරුරු මතු වෙයි
මුලතිව් දිස්ත්‍රික්කයේ පනිකන්කුලම් ප්‍රදේශයේ පිහිටි ළිඳකින් මවකගේ සහ දරුවන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමු ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් ජීවත් වූ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ළිඳකින් මෙසේ එම මළ සිරුරු සොයා ගෙන ඇති බව සඳහන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක මවක් සහ 11 හැවිරිදි දියණියක් සහ 4හැවිරිදි වියේ පසුවූ දියණියන් දෙදෙනෙක් බව පවසයි.
අද (24) දින උදෑසන එම ළිඳ අසල තිබී ආහාර මල්ලක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් හමු වී තිබෙනවා.
එහිදී ගමේ ජනතාව මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා සහ පොලිසිය දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා සහ පොලිසිය පැමිණ සිදු කළ විමර්ශනවලදී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඔවුන් සියදිවි නසා ගත්තාද නැතිනම් සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මංගුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
