මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලක ජූලි 29 වැනිදා විශේෂ පංච පුද්ගල විනය කමිටුව හමුවට

kusal mendis Niroshan dikwalle dhanushka gunathilaka
By Sithumi Jul 27, 2021 05:20 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව ආරක්ෂක මුහුල බිඳදමමින් රාත්‍රී කාලයේ වීදි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා පිලිබද ලබන බ්‍රහස්පතින්දා එනම් ජූලි 29 වැනිදා විශේෂ පංච පුද්ගල විනය කමිටුව හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පසුගිය සතියේ ඔවුන් සම්බන්ධව චෝදනා පත්‍රය භාර දී ඇති අතර තිදෙනාටම ඒ සඳහා පිළිතුරු ලබාදීමට දින තුනක කාලයක් ලබාදී තිබුණා. ක්‍රීඩකයන් තිදෙනාම චෝදනා පත්‍රයන් සඳහා සිය පිළිතුරුද මේ වන විට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ විනය කමිටුව යි දින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා. ඔවුන් සම්බන්ධව ගනු ලබන අවසන් තීරණය අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ මෙම වසර අවසාන කාලයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලියට සම්බන්ධ කරගන්නවාද නැද්ද යන්න පිළිබඳවද තීරණය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha