කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තවත් දැඩිවෙයි

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති සියලු ආගමන හා විගමන කවුළු වෙත මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂිත කැමරා සවි කිරීමේ තීරණයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති බව අනාවරණය වේ.

අදාළ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, දැනට මෙවැනි කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවත්, ඉදිරියේදී ආගමන-විගමන කවුළු 30ම මෙවැනි ආරක්ෂක උපාංග වලින් යුත් කරනු ඇති බවයි.

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තු ලත් පුද්ගලයන් සහ අපරාධ සම්බන්ධිත තවත් පිරිස් විදේශ ගමන් කිරීම හෝ විදේශවල සිට මෙරටට පැමිණීම හඳුනා ගැනීම මෙම තාක්ෂණය ඔස්සේ සාර්ථකව සිදු කළ හැකි බවයි.

මෙම මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂක පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24ක්ම අධීක්ෂණය කරනු ඇති.

කාලගුණයෙන් දැනුම්දීමක් - අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

කාලගුණයෙන් දැනුම්දීමක් - අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

තවදුරටත්, සෑම කවුළුවකම මෙම කැමරා සවි කිරීම අවසන් වනතුරු දැනට සවිකර ඇති කවුළුවල කැමරා උපරිම ලෙස භාවිතා කරන ලෙස ආගමන-විගමන අංශවලට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නීතිවිරෝධී විදේශ ගමන් වළක්වා ගැනීම සඳහා ගුවන් තොටුපල ආශ්‍රිත ආරක්ෂක ක්‍රම වේදනාවන් තර කර ඇති බව ද ඔහු සනාථ කළාය.

ඔන්ලයින් හරහා ක්‍රීම් ඕඩර් කරාද? කල් ඉකුත් වෙච්ච ක්‍රීම්ලු

ඔන්ලයින් හරහා ක්‍රීම් ඕඩර් කරාද? කල් ඉකුත් වෙච්ච ක්‍රීම්ලු