කටුනායක ආරක්ෂාව තර කෙරේ..

Bandaranaike International Airport Tiran Alles Sri Lanka
By Sewvandhi Aug 17, 2023 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළට නව CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා උපදෙස් දී තිබේ.

අද(17) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

 අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙන්නේ,මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවයි.

මේ අතර එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කර ඇත.

ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධවද මෙහිදී ටිරාන් අලස් මහතාගේ අවධානයට යොමුවී ඇත.  

ReeCha