ඔබේ රියදුරු බලපත්‍රය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න..නැතිනම් මේදේ වෙන්න පුළුවන්..

CID - Sri Lanka Police Sri Lanka Police Driving Licence Department of Motor Vehicles
By Aruna Dec 14, 2023 06:56 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් සඳහා ව්‍යාජ රියදුරු බලපත්‍ර නිර්මාණය කිරීමේ චෝදනාව මත නාරාහේන්පිට ප්‍රදේශයේ 61 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරාහේන්පිට - දාබරේ මාවත අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සතුව හෝමාගම, ගිනිගත්හේන, ගම්පොළ, හුංගම, රත්නපුර, වේයන්ගොඩ, සහ කඳාන යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට අයත් මුද්‍රා ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සතුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ, නීතීඥයින් සහ පෞද්ගලික සමාගම් කිහිපයක මුද්‍රාවලට සමාන මුද්‍රා ද තිබී ඇති බවද අනාවරණය වී ඇත.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, තමන් මුදල් ලබාගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන්ට ව්‍යාජ රියදුරු බලපත්‍ර නිර්මාණය කර ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ව්‍යාජ ලියකියවිලිවලට සමාන ව්‍යාජ ලේඛන ද නිර්මාණය කර ඇති බවටයි.

 මෙම වංචනික ක්‍රියාවට වෙනත් පුද්ගලයින් ද සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

ReeCha