අප්‍රේල් මාසයේ හොඳම වෙනසක් අතර ශ්‍රී ලංකාවත්

Sri Lanka Tourism Sri Lanka Tourism
By Gagana News Mar 07, 2025 12:21 AM GMT
Gagana News

Gagana News

Report

එළඹෙන අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ හොඳම කාලගුණය සහිත මනරම් දූපත් ගමනාන්තයක් බවට පත් කර ගත හැකි බව බ්‍රිතාන්‍යයේ EXPRESS වෙබ් අඩවිය වාර්තා කරයි. අපූරු වෙරළතීර, හරිත භූදර්ශන සහ සුන්දර සංස්කෘතික උරුමයක් සහිත මනරම් දූපත් රාජ්‍යයක් ලෙස එහිදී දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකාව හදුන්වා දී ඇත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ යා හැකි අතර වැසි තරමක් අඩු දේශගුණයක් සහිත අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා හොඳම කාලය ලෙස EXPRESS වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

එසේම මේ සුන්දර දිවයිනේ යා යුතුම තැනක් ලෙස සීගිරිය හඳුන්වා දී තිබේ. සීගිරිය පර්වතයේ ඉහළට නැගීම තරම අභියෝගයක් නමුත් එහි ඉහළ සිට නැරඹිය හැකි අවට පරිසර දර්ශනය සංචාරක සිත් සතන් අමන්දානන්දයට පත්කරවන සුළු වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය දැක බලාගැනීමට, ගාල්ල කොටුව නැරඹිය යුතු ස්ථාන අතර ප්‍රමුඛ තැනක් ගනී. මීට අමතරව ශ්‍රී ලාංකික ආහාර රසවිඳිමින්, අප්‍රේල් මාසයට යෙඳෙන සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද සමරන අවස්ථාවද අමතක කළ නොහැකි අත්දැකීම් සමුදායක් විදෙස් සංචාරකයින්ට එක් කරයි.

ශ්‍රී ලංකාවේ නිසැක වශයෙන්ම නැරඹිය යුතු ස්ථාන අතර ශ්‍රී පාදය ද වේ. එහි පරිසර දසුන් අතිවිශිෂ්ටය.

සමුද්‍ර ප්‍රේමීන් සඳහා, බෙන්තොට වෙරළ තීරය ඉතා දැකුම්කලු ස්ථානයකි. උදෑසන හෝ සවස් කාලයේ එම වෙරළ තීරය නරඹීමට හොඳම වේලාවන් බව සංචාරකයින් පවසයි.

මෙවැනි අපූරු පාරිසරික ස්ථාන සහ සෞම්‍ය කාලගුණය සමඟ ශ්‍රී ලංකාව මනරම් සංචාරයකට උපරිම අත්දැකීමක් ලබා දෙන බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ReeCha