විදෙස් කතක් දියේ ගිලී මරුට
By Gagana News
බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබේ.
ඊයේ (23) දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසු ව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
අවට සිටි පිරිස් විසින් අනතුරට පත් කාන්තාව ගොඩට ගෙන බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන ජෝර්දාන් ජාතික කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.