රටක් භීතියට පත් කරමින් සිදු කළ පංච පුද්ගල ඝාතනයේ මහ මොලකාරිය අල්ලා ගනී..

Report

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ මහමොළකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන නාවික හමුදාවේ සේවය කර විශ්‍රායම වැටුප් ලබන වෙඩික්කරුගේ අවුරුදු 39 වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා හෙරොයිලි ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක් සමග පල්ලෙවල දී අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩිකරුවන් දෙදෙනෙකු ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බවයි, ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී සඳහන් කර ඇත්තේ.

Sponsored By Sarrita Jewellery

රටක් භීතියට පත් කරමින් සිදු කළ පංච පුද්ගල ඝාතනයේ මහ මොලකාරිය අල්ලා ගනී.. | Beliaththa Murder Case Arrested Main Character