දෙයියනේ.. සැලෝන් ගිහින්.. කරපු සත්කාරයෙන් කතකගේ කෙස් ගැල විලා ගිහින්.. යන්නේ බලාගෙන?. විශේෂ තීරණයක් මෙන්න..

Report

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇති බවට සිද්ධියක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වැලිකඩ පොලිසියට අද (16) නියෝග කළේ ය.

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

එම සිද්ධියට අදාල නඩුව අධිකරණය හමුවේ නැවත කැඳ වූ අවස්ථාවේ දී වැලිකඩ පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.

එම ප්‍රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී පැමිණිලිකාර කාන්තාව සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඇය වැලිකඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකින් මීට පෙර ද ප්‍රතිකාර ලබාගත් බවයි.

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

පසුගිය දිනක නැවත එහි ගොස් හිසට ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව හිසකෙස් ගැල වී තුවාල සිදු වූ බව සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

You May Like This Video👇 

.