කාමරේ කොත්තුව කකා ඉන්න ටිකට...එකටම හිටපු කෙනා උදැල්ලෙන් ගහලා මරලා...

Sri Lanka Police Crime Law and Order Murder Sinhala news
By Kaushi Jun 02, 2025 12:54 PM GMT
Kaushi

Kaushi

Report

අඟුරුවාතොට පොලිසිය විසින් වාර්තා කර ඇත්තේ හොරණ, රෙමුණ ප්‍රදේශයේ ලී මඩුවක් තුළදී එම ලී මඩුවේ වඩුබාස්ව ඝාතනය කර ඇති බවයි.

ඒ උදැල්ලකින් පහරදී බව ද සඳහන්.

පොලීසිය සඳහන් කර ඇත්තේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, සමිඳුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහු වයස අවුරුදු 51 පුද්ගලයෙක් බව ද පවසයි.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ඒ අනුව තොරතුරු වාර්තා වූයේ ඝාතනය වී ඇති පුද්ගලයා මීට මසකට පමණ ඉහතදී අදාළ ලී මඩුවේ රැකියාවට පැමිණ ඇත.

එසේම මෙම ඝාතනය එම ලී මඩුවේම සේවය කළ තවත් සේවකයෙක් විසින් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ලී මඩුවේ එක් කෙළවරක තිබෙන කාමර දෙකක මෙම පුද්ගලයන් දෙදෙනාම නැවතී හිඳ ඇත.

සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් හෙළි වූයේ ඔවුන් දෙදෙනා අතර දින කිහිපයක පටන්ම බහින් බස්වීම් ඇති වී තිබෙන බවයි.

ඒ අනුව ඊයේ (1) දින ඝාතනය වූ පුද්ගලයා ලී මඩුවේ තම සේවය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු නවතැන් ගෙන සිට ඇති කාමරයෙහි හිඳ කොත්තුවක් ආහාරයට ගනිමින් සිට ඇත.

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

එම අවස්ථාවේ දී ඔහුට උදැල්ලකින් සැකකරු විසින් පහර දී තිබෙනවා.

ඉන්පසු මෙම සැකකරු විසින් සිය පුත්‍රයාට දුරකථන ඇමතුමක් මඟින් තමා සිදු කළ අපරාධය පිළිබඳ පවසා ඇත.

අනතුරුව එය ලී මඩුවේ හිමිකරුට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වූ අඟුරුවාතොට පොලීසිය අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා 55 හැවිරිදි ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අද (02) දින සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය විසින් සිදු කිරීමට නියමිතව ඇත.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

ReeCha