ළමයි ගැන අවධානෙන් ඉන්න...ප්‍රසිද්ධ උපකාරක පන්තිවලිනුත් නම්බර් උස්සලා ලිංගික හිංසා කරලා
පොලීසිය විසින් දැරියන් 50 කට වැඩි පිරිසකට ලිංගික හිංසන සිදු කළ වයස අවුරුදු 32 තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොහු විසින් තමන් කාන්තා හා ළමාරක්ෂක අධිකාරියේ ඔන්ලයින් සේවාවෙන් බව පවසා මෙම දැරියන් රවටා ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අඳාළ සැකකරු බාල වයස්කාර දැරියන්ගේ පෞද්ගලික තොරතුරු සහ සාමාන්‍ය ඡායාරූප වීඩියෝ දර්ශන සූක්ෂමව ගෙත්වා ගෙන ඇත්තේ ළමා අධිකාරියේ සේවාව මඟින් අන්තර්ජාලයේ හුවමාරු වන නිරුවත් ඡායාරූප ඉවත් කර ගැනීමට හැකි බව පවසමින්.
ඉන්පසු ඒවා කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන නිරුවත් ලෙස සකසා නැවත එම දැරියන්ට යවා ඇත.
ඒ අනුව මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහු විසින් මෙසේ දැරියන් 50කට අධික ප්‍රමාණයක් ලිංගික හිංසනයට ලක් කර ඇති බවයි.
ඒ අනුව අඳාළ සැකකරු නරේන්ද්‍රසිංහ උයන, සෙංගල්ල, මහනුවර ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් බව සඳහන්.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොහු සම්බන්ධයෙන් ලිංගික හිංසන සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවයි.
තවද මොහු විසින් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ 2027 හා ඊට ආසන්න වර්ෂවල උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් එක්වන ටෙලිග්‍රෑම් සමූහයන් වෙත සූක්ෂමව ඇතුළු වී දුරකථන අංක ලබා ගෙන ඇති බවක් ද වාර්තා වේ.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු විසින් ළමා අධිකාරියේ බව ඇඟවෙන මෙම වංචනික ගිණුමට ළමයින් ඇතුළත් කර ගෙන ඇත්තේ ළමයින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති බවට දන්වා ඒවා ඉවත් කර ගන්නා අයුරු දැනුම් දෙන මුවාවෙනි.
එසේම මෙම සැකකරු සතුව තිබී ජාතික හැඳුනුම්පත් නොමැති බාලවයස්කාර ළමයින්ගේ නිරුවත් ඡායාරූප වීඩියෝ දර්ශන සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම එම දරුවන්ගේ වයස තහවුරු කර ගැනීමටත් ඔහු විසින් ඔවුන් ඉගෙන ගන්නා ශ්‍රේණියේ පෙළ පොත සමඟ ඡායාරූපයක් ලබා ගැනීමටද කටයුතු කර ඇති බව සඳහන්.
මෙසේ ලබා ගත් ඡායාරූප මුදලට අළෙවි කිරීම හෝ වෙනත් අරමුණු වෙනුවෙන් භාවිත කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
