බැසිල් අගමැති කරන්න යයි..විශාල පිළිගැනීමක් සමග රථ පෙළපාලියක් කොළඹට එයි..(VIDEO)

Basil Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Prime minister
By Aruna Feb 29, 2024 12:36 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඇමරිකාවේ සිට පැමිණෙන බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන වීරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය නොව පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පැවැත්වෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

2024 මාර්තු 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතාට විශාල පිළිගැනීමක් ලැබෙන බවත්, රථ පෙළපාලියකින් ඔහුව කොළඹට රැගෙන එන බවත් ඔහු පැවසීය.

මීට අදාලව සිදු කළ විශේෂ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.