බැසිල් ප්‍රභූ ආලින්ද පහසුකම් ලබාගත් හැටි එළියට එයි..
By Sewvandhi
ගුවන්තොටුපල සහ ගුවන් සේවා සංගමය ,පෙන්වා දෙන්නේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාදීමට අදාළ ගෙවීම් නිසි පරිදි සිදුකර ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට අදාළ ගෙවීම් ද සිදුකර ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා දිවයිනට පැමිණීමත් සමග ඔහු මුදල් ගෙවීමක් සිදු නොකර තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාගත් බවට වාර්තා පැතිර ගියා.
ඒ අනුවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම මෙලෙස නිවේදනයක් නිකුත් කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |