ශ්‍රී ලංකාව ගැන බැසිල් ගෙන් සතුටුදායක ආරංචියක්..

Sri Lanka Political Basil Rajapakshe The central bank
By Aruna Jan 05, 2022 06:00 AM GMT
Aruna

Aruna

Report

මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 138,000ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එම ණය මුදල විධිමත් ව ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුවට හැකියා ව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරියටත් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කරන බවයි ප්‍රකාශ කළේ.

ණය ගෙවන අතරවාරයේ ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමත් සංවර්ධන කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යාමත් පිළිවෙළකට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now