ත්‍රිපෝෂ සඳහා විදේශ බඩඉරිඟු
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දේශීයව බඩඉරිඟු සපයා ගැනීමේ ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්, වසරකට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 18,000ක් වන අතර, මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,500කි.
සියලුම ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ මාස 6ට වැඩි හා අවුරුදු 5ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීම සිදු කෙරේ.
ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ.
