දින 06ක් දිවයින පුරා මත්පැන්හල් වසා දමයි..එම දින මෙන්න..

Bar Association of Sri Lanka Festival Businessman
By Aruna Apr 07, 2024 06:30 AM GMT
Aruna

Aruna

Report

අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද දිවයින පුරා පිහිටි මත්පැන්හල් වසා තැබෙනු ඇති.

මේ අතර, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතව ඇත.

ඒ සඳහා වන යෝජනාව බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

එමෙන් ම අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන ද වසා තැබෙනු ඇති බව ද දැනුම්දී තිබේ.

ReeCha