13% අඩු පොලියට ප්‍රධාන බැංකු දෙකකින් සහන ණයක්..ගන්න පුලුවන් මේ අයට පමණයි..

Central Bank of Sri Lanka Ministry of Education The Bank of Ceylon Bandula Gunawardane Education
By Aruna Jul 13, 2023 12:00 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාල එකඟතාවය අනුව 2019, 2020 හා 2021 වසර වල උසස් පෙළ හදාරන සිසුන්ට තම ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා තෝරා ගෙන මෙම ණය යෝජනා ක්‍රමය අනුව කටයුතු කළ හැකි බවයි.