ලංකාවට නයි පෙන්වා ක්‍රිකට් නම්බුව කෑ බංගලියන්ට - අපේ කොල්ලෝ පෙන්නූ මහත්මා ගුණය. - (VIDEO)

Cricket Sri Lanka Cricket Sri Lanka Bangladesh Cricket Team ICC World Cup 2023
By Wayomi Nov 07, 2023 08:31 AM GMT
Wayomi

Wayomi

Report

නියමිත කාලය තුල දී ක්‍රීඩා පිටියට නොපැමිණීම නිසා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඒ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම ගත් මෙම තීරණය චෝදනාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

මේ අතරේ, 2019 වසරේ ජුලි මාසයේ බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගයකදී සිදු වූ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුවෙලා තිබෙනවා.

ඒ එම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතරතුර Mehidy Hasan Miraz දැවීයාමත් සමග බංග්ලාදේශ ක්‍රීඩක Taijul Islam පිටියට පැමිණි අවස්ථාවයි.

එහිදී ඔහු ආරක්ෂක ball guard පැළඳ නොපැමිණීම හේතුවෙන් නැවත ක්‍රීඩාගාරය දෙසට හැරී යනවා.

නමුත් එම අවස්ථාවේදී ඔහුගේ අමතකවීමට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිදු තැකීමක් නොකළ අතර එම සිදුවීම දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

එහිදී ඔහු නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 39ක් රැස්කරගත් අතරම මෙම තරගයේ වීරයා මැතිව්ස් වූ අතර එම තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

 


ReeCha