ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

Report

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී ආරම්භවන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩාකරන බංග්ලාදේශ සංචිතය නම්කර තිබේ. නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට, වසර 2කට පසු එබදත් හොසේන් කැඳවා ඇත.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගයකදී තුවාල ලැබීමෙන් පසු ඔහු මේ දක්වා ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩාකර නොමැත. කෙසේ නමුත් මහමුදුල් හසන් ජෝයි, තන්වීර් ඉස්ලාම් සහ තන්සිම් හසන් ඉවත් කර ඇත. එමෙන්ම ටස්කින් අහමඩ් ද වළලුකර ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් ඔහුද මෙම තරගාවලියට ක්‍රීඩාකිරීම අවිනිශ්චිතය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූනි 17වනදා ගාල්ලේ දී පැවැත්වෙන අතර, එය 2025-27 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයද වේ.

ගණේමුල්ල සංජීව ඝාතනය සැකකරු හඳුනා නොගනී

ගණේමුල්ල සංජීව ඝාතනය සැකකරු හඳුනා නොගනී

බංග්ලාදේශ කණ්ඩායම ජුනි 13වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ටෙස්ට් තරගාවලියට අමතරව දෙරට අතර එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සීමිත පන්දුවාර තරගාවලියක්ද පැවැත්වේ.

බංග්ලාදේශ සංචිතය - නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), ෂද්මන් ඉස්ලාම්, අනාමුල් හක් බිජෝයි, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම්, ජේකර් අලි, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබදත් හොසේන්, හසන් මහමුද්, නහිඩ් රානා, කලීඩ් අහමඩ්