බංගලාදේශ අරගල නායකයාට වෙඩි ප්‍රහාර - අවසන් ගමනට ජන ගගක්

Report

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහකිරීමේ ශිෂ්‍ය අරගලයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හදීගේ අවසන් කටයුතු දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් අද (20) ඩකා අගනුවරදී සිදු විය.

මෙම අවස්ථාවට බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ නායක මුහම්මද් යුනුස් , යුද හමුදාපතිවරයා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

32 හැවිරිදි ෂරීෆ් ඔස්මාන් හදී ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටියදී, පසුගිය සතියේ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇත.

ඒ අනුව, හිසට එල්ල වූ බරපතළ තුවාල හේතුවෙන් සිංගප්පූරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දින හයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ජීවිතක්ෂයට පත් විය.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

ඔහුගේ මරණයත් සමඟ බංග්ලාදේශය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, ප්‍රධාන පෙළේ පුවත්පත් කාර්යාල සහ සංස්කෘතික ආයතන වෙත ප්‍රචණ්ඩකාරී පිරිස් පහරදීම් සිදු වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.