බංග්ලාදේශය ඇවිලෙයි - රටපුරා ප්‍රචණ්ඩකාරී මැර කල්ලි - ජීවිත මරණ ඉහළටම

Report

පසුගිය මැයි මාසය තුළ බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩකාරී මැර කල්ලිවල පහරදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට Manabadhikar Shongskriti Foundation නමැති මානව හිමිකම් සංවිධානය පවසයි. මෙය පසුගිය මාස හයක කාලය තුළදී එක් මාසයකදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි.

එම සංවිධානයේ මාසික වාර්තාවට අනුව, මැයි මාසය තුළ මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් අවම වශයෙන් 69ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 71 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. අප්‍රේල් මාසයේදී පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් 49 දෙනෙකු තුවාල ලැබූ අතර, මැයි මාසය වන විට එම අගයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

"මැයි මාසයේදී මැර ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 21 සිට 32 දක්වා ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ, නීතිය තමන්ගේ අතට ගැනීමට ජනතාව තුළ ඇති ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි," යනුවෙන් එම සංවිධානය සිය වාර්තාවෙන් පවසයි.

මෙම තත්ත්වය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2025 දෙසැම්බර් මාසයේදී මරණ 10ක් ද, ඉන්පසු පිළිවෙළින් ජනවාරි මාසයේදී 21ක්, පෙබරවාරියේදී 18ක් සහ මාර්තු මාසයේදී මරණ 19ක් වශයෙන් වාර්තා වී ඇත.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

මැයි මාසයේදී මියගිය 32 දෙනා අතරින් 14 දෙනෙකු සොරකම් චෝදනා මත ද, සිව්දෙනෙකු පුද්ගලික ආරවුල් හේතුවෙන් ද, දෙදෙනෙකු මංකොල්ලකෑම් චෝදනා මත සහ තවත් දෙදෙනෙකු ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන චෝදනා මත මෙලෙස මැර ප්‍රහාරයන්ට ලක්ව මියගොස් ඇත. ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් 35 දෙනෙකු පොලිසියට භාර දී ඇත.

එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙවැනි ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් නීතිය බලාත්මක කරන නිලධාරීන්ට සහ පොලිසියට පවා ප්‍රහාර එල්ල කර ඇති බවයි.