වැටුප් ප්‍රශ්නෙන් බංග්ලාදේශය ඇවිලෙයි - කම්කරු නීති යටතේ කර්මාන්තශාලා 65 ක් දින නියමයක් නොමැතිව වසා දමයි

Report

බංග්ලාදේශයේ ප්‍රධාන ඇඳුම් නිෂ්පාදනය කරන ප්‍රදේශයේ කර්මාන්තශාලා දුසිම් ගණනක් වැඩි වැටුපක් ඉල්ලා වැඩ වර්ජනය කිරීම හේතුවෙන් වසා දමා ඇති බව සඳහන්.

ඒ අනුව මෙම සති අන්තයේ සවාර්, අෂුලියා සහ ගාසිපූර් යන රෙදිපිළි මධ්‍යස්ථානවල රට පුරා ස්ථාන 150 කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්තය බංග්ලාදේශයට විශාල ව්‍යාපාරයක් වන අතර, සෑම වසරකම අපනයනවලින් ඩොලර් බිලියන 40 ක් (පවුම් බිලියන 30) ක් පමණ උපයන අතර එය රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කි.

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

එමෙන්ම මේ වන විට මසකට ටකා 30,000 (පවුම් 182) ක අවම වැටුපක් සඳහා වන ඉල්ලීම්වලට එරෙහිව කම්කරුවන් වැඩ වර්ජනය කරමින් සිටියි. මේ වන විට බංග්ලාදේශයේ අවම මාසික වැටුප ටකා 12,500 ක් වුවත් සේවකයින් පවසන්නේ ජීවන වියදම් අර්බුදයට මුහුණ දීමට මෙය ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව ඊයේ උදෑසන ගාසිපූර් හි ඩකා-ටැන්ගයිල් අධිවේගී මාර්ගයේ කම්කරුවන් එක්රැස් වී මාර්ගය අවහිර කළ අතර විරෝධතා හේතුවෙන් පැයක් පමණ රථවාහන නතර කර තිබුණා.

එබැවින් එහිදී පොලිසිය මැදිහත් විය. බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරිදා කර්මාන්තශාලා 121 ක නිෂ්පාදනය අත්හිටුවා ඇති අතර, රටේ කම්කරු නීති යටතේ කර්මාන්තශාලා 65 ක් දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව පවසයි.

මෙච්චර කාලයක් තිබ්බ ශ්‍රී ලංකා පොලිසියේ කාකි නිල ඇඳුම වෙනස් වෙයි - අලුත් නිල ඇඳුම මේකද? රටම නොඉවසිල්ලෙන්

මෙච්චර කාලයක් තිබ්බ ශ්‍රී ලංකා පොලිසියේ කාකි නිල ඇඳුම වෙනස් වෙයි - අලුත් නිල ඇඳුම මේකද? රටම නොඉවසිල්ලෙන්

එසේම අඛණ්ඩ නොසන්සුන්තාවයකින් පීඩාවට පත් කර්මාන්තශාලා කම්කරු පනතේ 'වැඩක් නැත, වැටුප් නැත' යන විධිවිධානය යටතේ දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවිය හැකි බවට ඇඟලුම් නිෂ්පාදකයින් අනතුරු අඟවා ඇති බව සඳහන්.

මේ අතර පොලිස් අධිකාරී මොහොමඩ් අම්ජාඩ් හුසේන් ප්‍රකාශ කර ඇත්තේ සේවකයින් වැඩ වර්ජනය කිරීමෙන් පසු නගරයේ කර්මාන්තශාලා වසා දැමූ බවයි.

එසේම සෙනසුරාදා රාත්‍රියේ කර්මාන්තශාලා 13 ක් වසා දැමූ බවත් "උදෑසන නොසන්සුන්තාවය අතරතුර කර්මාන්තශාලා දහසයක් වසා දැමූ බවත්" ඔහු කියා ඇත.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න