පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කරනවද? රටම බලන් සිටි අනුරාධපුර සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමිගෙන් ප්‍රකාශයක්

Report

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ වෙනුවෙන් අවශ්‍ය උපකාර සිදුකරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (16) දින පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්.

අද (16) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් එහි සම සභාපතිවරු වන වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පැවැත්විය.

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

එම අවස්ථාවේදී අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ යෝජිත සංවර්ධන සැලැස්ම පිළිබඳ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටුව පත්වන බවයි.

එසේම උන්වහන්සේ පෙන්වා දුන්නේ පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට සම්බන්ධයෙන් ද ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බවයි.

එබැවින් පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එහිදී අදහස් දැක්වූ වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සඳහන් කළේ,

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

“ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කරන්නට බැරි වීම ගැන ඇත්තටම කනගාටු වෙනවා. අපට මේකේ තිබුණු යම් යම් කරුණු කාරණා පිළිබඳව මුලදීම ජනතාව දැනුවත් කරන්න බැරි වුණා. උදාහරණයක් විදිහට මේ වැට සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. මීට දශක එකහමාරකට පමණ පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුණා. එම වැටේ ඉතිරි කොටස සංරක්ෂණය කරමින් නැවත නිර්මාණය කිරීමේ ඉල්ලීමක් අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වී තිබුණා. මේ වැට ඉදිකිරීමට යෝජනා කළේ වෙනත් අරමුණක් වෙනුවෙන් නෙමෙයි. ගවයන් ඇතුළුවීම, මල් සහ කුරුම්බා දැමීම, පුරාවිද්‍යා ස්මාරක මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් වැනි කටයුතු නිසා මෙම ස්මාරක විනාශයට පත්වන නිසයි වැටක් ඉදිකිරීමට යෝජනා කර තිබුණේ. ඇත්තටම එම වැට ඉදිකිරීමට නියමිතව තිබුණේ පූජාභූමියට බොහෝ ඈතින්. කෙසේ වෙතත්, දැන් මේ වැට සම්බන්ධයෙන් අපේ අදහසක් නැහැ. ඒක අතහැරලා ඉවරයි. පූජා නගරය තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කරනවා කියලා කතාවක් තිබෙනවා. නමුත් එවැනි අදහසක්වත්, සංකල්පයක්වත් නැහැ. වර්ග කිලෝමීටර් 28ක්ව තිබූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් වුණේ ඇයි කියලා ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම ලක්ෂයක ජනතාවක් පැමිණෙනවා නම් කාර් 25,000ක්, වෑන් රථ 10,000ක් හෝ බස් රථ 5,000ක් පැමිණිය යුතුයි. එලෙස විශාල පිරිසක් පැමිණි පසු ඔවුන් නිසි පරිදි කළමනාකරණය කරගැනීමත් ඉතාම අපහසු කාර්යයක්. උදාහරණයක් විදිහට පොසොන් උත්සවයට සාමාන්‍යයෙන් ලක්ෂ 13කට ආසන්න ජනතාවක් සහභාගි වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජවරු එකසිය හතර දෙනෙක් මේ නගරය ආරක්ෂා කරා.. ඒ නිසා අනාගතයටත් එහෙම වෙනවා. කවදාවත් අයහපත් චේතනාවක් මේ සම්බන්ධව තියාගන්න නම් එපා. මොකද හේතුව, මේකේ තියෙන වැලි ඇටයක්, ගල් ඇටයක් ගානේ බුදු, පසේ, බුදු මහරහතන් වහන්සේලාගේ ස්පර්ශය ලබපු ශුද්ධ භූමියක්. මේ භූමිය රකින්න, ආරක්ෂා කරන්න, මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි, අබෞද්ධයෝ පවා කැපවෙලා තියෙනවා. ඒ නිසා, අපි හැම කෙනෙකුගේම යුතුකම, වගකීම තියෙන්නේ, මේවා රැකගෙන ආරක්ෂා කරගෙන. මේවා ප්‍රතික්ෂේප කරලා, මේවා කඩාකප්පල් කරන්න එපා. මේවාට උදව් කරන්න, උපකාර, ඔබතුමාලගේ අදහස් දෙන්න.''   

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල