ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව ගැන එම සමාගමෙන් පාරිභෝගික අධිකාරියට විශේෂ හෙළිදරව්වක්
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කළ කැඳවීමකට අනුව එම ආයතනයේ නිලධාරීන් අද (16) පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණියහ.
කෙසේ වෙතත්, එම සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජිතයින් ප්රකාශ කළේ, අද පස්වරු 2ට සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී ලාෆ්ස් ගෑස් මිල අඩු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගෙන පාරිභෝගිකයන් දැනුවත් කරන බවයි.
වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින පසුබිමක පසුගිය 10 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් දහසකට අධික මිලකින් වැඩි කිරීමට එම සමාගම පියවර ගනු ලැබීය.
එවන් තත්ත්වයක් හමුවේ ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නියෝජිතයින් අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවා තිබුණි.
ලිට්රෝ ගෑස් වෙතින් හරස් සහනාධාර ක්රමවේදයක් - ගෘහස්ත ගෑස් අලෙවියෙන් වෙන පාඩුව පියවගන්නේ විදිහ ලිට්රෝ සමාගමෙන් දැනුම්දෙයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ප්රකාශ කර ඇත්තේ, සිය සමාගම මේ වන විට පාඩු ලබමින් පවතින බැවින් මෙලෙස ගෑස් මිල ඉහළ දැමූ බවයි.
මිල සංශෝධනයක් සිදු කරන්නේ නම් එය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී සිදු කළ යුතු බැවින්, අද පස්වරුවේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන පාරිභෝගිකයන් වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවෙන් අනතුරුව ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පිටව යන අවස්ථාවේදී, එම ස්ථානයේ රැඳී සිටි පාරිභෝගිකයන් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය.