වතු කම්කරුවන්ගේ වැටුප ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක්
වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් නව වැටුප් මණ්ඩලයක් පත්කොට ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහනයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.