"බිලියන 13 වතු කර්මාන්තයට මිසක් මලයහ ප්‍රජාවට විතරක් නෙවෙයි" – මනෝ ගනේෂන් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරයි

Report

තේ, රබර්, පොල්, තල් ඇතුළු වතු කර්මාන්ත සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 13ක අයවැය ප්‍රතිපාදන මලයහ (වතුකර) ප්‍රජාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පමණක් වෙන් කළ මුදලක් ලෙස හුවා දැක්වීමෙන් වළකින ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නොවැම්බර් 15 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ තේ, රබර්, පොල්, තල් සහ සමස්ත වතු කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් බවයි.

එසේ තිබියදී ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් සහ ඔවුන්ට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම මුදල මලයහ ප්‍රජාව වෙනුවෙන්ම වෙන් කළ ප්‍රතිපාදනයක් ලෙස හුවා දැක්වීම ඔහුගේ විවේචනයට ලක්ව තිබෙනවා. '

X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මනෝ ගනේෂන් මහතා සඳහන් කර ඇත්තේ, මෙවැනි ප්‍රකාශ හේතුවෙන් වතුකරයේ ජනතාව තුළ අසත්‍ය බලාපොරොත්තු ඇතිවිය හැකි අතර, එමඟින් මහජන විශ්වාසය ද පළුදු විය හැකි බවයි.

මලයහ ප්‍රජාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වෙනම අයවැය ප්‍රතිපාදන වෙන් නොකිරීම එක් ගැටලුවක් වන අතර, දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳව නොමඟ යවන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම ඊට හාත්පසින්ම වෙනස් තවත් ගැටලුවක් බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ මුදල් භාවිත කිරීමට නියමිත ආකාරය පිළිබඳව වතුකරයේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ලාල්කාන්තගේ 'බත් කතාව' අල්ලගෙන හර්ෂ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පතුරු ගහයි

ලාල්කාන්තගේ 'බත් කතාව' අල්ලගෙන හර්ෂ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පතුරු ගහයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ