මෙච්චර කාලයක් තිබ්බ ශ්‍රී ලංකා පොලිසියේ කාකි නිල ඇඳුම වෙනස් වෙයි - අලුත් නිල ඇඳුම මේකද? රටම නොඉවසිල්ලෙන්

Report

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා 2027 වසරේ ජූනි මාසයේදී හඳුන්වා දීමට නියමිත නව නිල ඇඳුම කැනඩා පොලිසියේ නිල ඇඳුමට බොහෝ සෙයින් සමාන වනු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ, මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි නවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත නිල ඇඳුමක් පොලිස් නිලධාරීන්ට හඳුන්වා දෙන බවයි.

ඒ සම්බන්ධයෙන් මෙරට දිනපතා ජාතික පුවත්පතක් කළ විමසීමකදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කර ඇත්තේ, නව නිල ඇඳුම වෙනුවෙන් වර්ණ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

එසේම ඒ අතරින් කැනඩා පොලිසිය භාවිත කරන අළු පැහැති කමිසය සහ නිල් පැහැති කලිසම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව ද එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇත.

එසේම ශ්‍රී ලංකා පොලිසිය දැනට භාවිත කරන කාකි නිල ඇඳුම යටත්විජිත සමයේදී හඳුන්වා දුන් එකක් බවත්, එය මෙරට උණුසුම් දේශගුණයට නොගැළපීම නිසා නිලධාරීන් අපහසුතාවට පත්වන බවට දිගු කලක සිට අදහස් පළ වී ඇත.

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

එමෙන්ම පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්.

කෙසේ වුවද නව නිල ඇඳුමේ අවසන් වර්ණය සහ සැලසුම මෙතෙක් නිල ලෙස ප්‍රකාශයට පත් කර නොමැත.

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන