දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බැහැ - වෙළද ඇමැති කිවූ කතාව (VIDEO)

By Sithumi Dec 11, 2021 03:56 PM GMT
Sithumi

Sithumi

Report

පල්බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී අද (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මේ අතර උත්සව සමය වෙනුවෙන් හෙට සිට සතොස හරහා අඩු මිලට භාණ්ඩ රැසක් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය. "පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ.

උත්සව සමය නිසා හෙට සිට සතොස හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන් සම්බා කිලෝවක් රුපියල් 130කටත් දෙනවා.

කිලෝ 5 බැගින් ගන්න පුළුවන්. දෙසැම්බර් 31 වෙනකම් තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට සතොස දෙනවා. සීනි, පරිප්පු ආදිය."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now