කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව ගැන ගත් තීරණයක්..

Bandaranaike International Airport Colombo Sri Lanka Politician Sri Lanka Passport
By krishani May 27, 2023 06:30 AM GMT
krishani

krishani

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ය.

ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැත.

ඒ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන්මලු පරීක්ෂා නොකෙරෙයි.

විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වල ද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේ ද සවි කරන ලෙස ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join