බදු නොගෙව්වට හිරේට දැම්මට එරෙහිව මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ගොනු කළ ඇප පත ප්‍රතික්ෂේපයි..

Report

රුපියල් බිලියන සිය 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.

ආරුගම්බේ සිදුවීම පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

ආරුගම්බේ සිදුවීම පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

කෙසේ වෙතත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මේ මස 29 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

වීඩියෝ කරන්න කිව්වා නම් තමා ඒත් මෙහෙම කරන්න කිව්වේ නෑ දෙවියනේ..

වීඩියෝ කරන්න කිව්වා නම් තමා ඒත් මෙහෙම කරන්න කිව්වේ නෑ දෙවියනේ..

තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින තැනැත්තා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.