පොදුජන පෙරමුණේ මන්ත්‍රීගෙන් සංවර්ධන නිලධාරිනියට හෙල්මට් පහරක්..(VIDEO)
By Sewvandhi
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් සංවර්ධන නිලධාරිනියකට යතුරුපැදි හිස්වැසුමකින් පහරදී ඇත. කෙසේවෙතත් එම ප්‍රහාරයෙන් ඇය බේරී තිබේ. අද (13) උදෑසන බාදුරාගොඩ සිපෙට්කෝ පිරවුම්හලක QR කේත පරීක්ෂාවේ නියුතුව සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරීනියක් මෙම සිද්ධියට මුහුණදී ඇත.
සැකකරු දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |