බදුල්ල දිස්ත්‍රික්කය දැඩි අවදානම් තත්වයක. - භූමියෙන් 66 % ක් ගන්නම දෙයක් නෑ.

By Wayomi Jan 17, 2025 11:38 AM GMT
Report

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කරනවා.

ඇය මේ බව කියා සිටියේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් 15 දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගායේ දී පැවැති සාකච්ඡාවකදීයි.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

එහිදී අනාවරණය වුණේ, ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන් දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නොමැති බවයි.

ශ්‍රී ලංකාව කාළගුණික දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතින අතර මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර මෙමඟින් වාර්ෂිකව විනාශවන පුද්ගල හා දේපළ අති විශාල බවද නිලධාරීන් පවසනවා.   

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය ගැන විශේෂ තීරණයක් ගනී. - කථානායක තිදෙනෙකු සේවයෙන් පහකරයි.

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය ගැන විශේෂ තීරණයක් ගනී. - කථානායක තිදෙනෙකු සේවයෙන් පහකරයි.


You May Like This Video