EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධති ජනගත කිරීම අද සිදු කෙරෙනවා.
රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය සිදු කිරීමට නියමිතයි.
ඒ, අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමටයි නියමිතව ඇත.
මෙහිදී විශ්‍රාමික මරණ වාර්තා කිරිමේ තොරතුරු පද්ධතිය, වැඩිදියුණු කරන ලද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සදහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයේ ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය සහ ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය ඊට ඇතුළත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
