දරුවන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ බිග් මැච් රථ පෙළපාලිය ගැන පාසලෙන් නිවේදනයක්

Badulla Accident Sri Lankan Schools
By Sithumi Apr 02, 2023 02:12 PM GMT
Sithumi

Sithumi

Report

සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් කැබ් රථයක් පෙරළීයාමේ අනතුරට මුල්වු රථ පෙළපාළිය තම පාසල විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව බදුල්ල ධර්මදූත මහ විදුහලේ විදුහල්පති එච්.එම්. සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ රථ පෙළපාළිය නවත්වන ලෙස තමන් පොලීසියට දැනුම්දී තිබියදීත් කිසියම් කණ්ඩායමක් මෙය පවත්වා ඇති බවය.

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව ඊයේ (01) සංවිධාන කර තිබු රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළියාමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබීය.

අදාළ රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලීසිය දැනුම්දී තිබු අතර සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බදුල්ලේ ඉදිකළ නව භූමියට පැමිණ වාහන ධාවනය කරමින් විනෝදවීමේදී මෙම අනතුර සිදුවී තිබුණි.

සිසුන් 15කට ආසන්න පිරිසක් රැගත් එක් කැබ් රථයක් පෙරළෙන අයුරු ජංගම දුරකතනයක පටිගතවී තිබුණි. අනතුරින් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්. රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල්ට දිවි අහිමි වුණි. ජීවිතක්ෂයට පත්වූ හරේන්ද්‍ර රුක්මාල් හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේවෙතත් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විදුහල්පති පවසන්නේ මෙම රථවාහන පෙළපාලිය පාසල විසින් සංවිධානය කර නොතිබු අතර අවිධිමත් සංවිධානය කිරීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුවූ බවය.

එමෙන්ම බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධායක මණ්ඩලයද පවසන්නේ රථ වාහන පෙළපාළියක් නොපැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබු පසුබිමක මෙම අනතුර සිදුවී ඇති බවය.

මේ අතර අද දහවල් අනතුර සිදුවූ ස්ථානයට පැමිණි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අනතුර සම්බන්ධයෙන් වූ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය. පසුව බදුල්ල මහා රෝහලයේ මෘත ශරීරාගාරය වෙත ගිය මෙහෙස්ත්‍රාත්වරයා එහිදී මෘත ශරීර පරීක්ෂා කිරීමටද කටයුතු කර තිබුණි.(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha