මව්පියන්ට අසුබ ආරංචියක්.. පාසල් සිසුන්ගේ වියදම් තවත් වැඩිවෙන ලකුණු.. .විපක්ෂනයකවරයා හෙළිකළ සත්‍ය....

Sajith Premadasa Sri Lanka Sri Lankan Schools
By Sithumi Nov 06, 2023 03:38 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේ දී පාසල් සංවර්ධන සමිති හරහා පාසල් සංවර්ධන ගාස්තුවත් සියයට 50කින් ඉහළ දැමීමට සූදානම් බවත් පාසල් පද්ධතියට මුදල් නැති වුවත් පාලකයන්ට හොරා කන්න ඕනෑ තරම් මුදල් ඇති බවත් හදිසි මිලදී ගැනීම් යටතේ වෙළෙඳපොල වටිනාකමටත් වඩා මුදල් ගෙවා ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ වන විට අනීතිකව 3 වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් ගෙවුණු මාස 8ට රටේ ලක්ෂ 7කගේ විදුලිය විසන්ධි කර ඇති බවත් මේ වන විට උග්‍ර ඖෂධ හිඟයක් පවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ.

එසේම රටේ සිටිනා 41 ලක්ෂයක් පාසල් දූදරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගීමට සමගි ජන බලවේගය සූදානම් බවත් මොවුන්ට ඡන්ද අයිතිය නැති වුවත් ඔවුන් රැක ගැනිමේ අයිතිය අපට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසුවා.

41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට මේ වන විට ලබා දී ඇත්තේ බංකොලොත් රටක් බවත් සෑම පාසල් දූදරුවෙකුගේම ඒකපුද්ගල ණය බරතාව ලක්ෂ ගණනක් බවත් එබැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා. 

ReeCha