ඔයකින් බිළිදියකගේ මළ සිරුරක් හමුවෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 22, 2023 12:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 අද (22) බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සා කරන ලද බවට සැකකෙරෙන බිලිඳියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඒ, බගවන්තලාව - ලොයිනොන් වතු යායේ දෙමළ මහා විදුහල අසල බිලිඳු මළ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් බගවන්තලාව පොලීසියට කළ දැනුම්දීමත් සමගයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මළ සිරුර දින 3කට පමණ ඉහත දී ප්‍රසූත කළ හෝ ගබ්සා කළ බිලිඳියකගේ බවටයි පොලීසිය සැක පළ කරන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

ReeCha