බිලිඳිය කොටුවෙ දමා ගිය මව සිදු කල පාපොච්චාරණය
දුම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව පොලීසියට පාපෝච්චාරණයක් සිදුකර තිබෙනවා.
කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදාගනී යැයි සිතා එලෙස දමාගිය බවයි එහිදී ඇය සඳහන් කර ඇත්තේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා තිබියදී ඊයේ (10) රාත්‍රියේ මෙම බිළිඳාව සොයා ගැනුණු අතර 26 හැවිරිදි අවිවාහක යුවළක් වන බිළිඳාගේ දෙමව්පියන්ව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන තිබෙනවා. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.
පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබෙනවා.
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසනවා.
වීඩියෝව ඉහතින් නරඹන්න.