කොවිඩ් 19 ට වඩාත් ඵලදායී බටහිර ප්‍රරතිකාරද..එහෙමත් නැත්නම් ආයුර්වේද ප්‍රරතිකාරද...? ඇත්තම කතාව මෙන්න..

covid19 infections dammika abeygunawardhana agamoodi ayurwedhik
By Sewvandhi Aug 13, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොව්ඩ් ආසාදිතව දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වූ කිසිම රෝගියෙකු මිය ගොස් නොමැති බවත්, .2021 අගෝස්තු මස 10 වෙනි දින ලද වාර්තාවට අනුව කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් 1033 ක් වෙන් කර ඇති අතර රෝගීන් 835 ක් මේ වන විට ප්‍රතිකර ලබමින් සිටින බවත්, පසු ගිය මාස 11/2 ක 02 ක කාල සීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් 3820 ක් ඇතුළත් කර ඇති අතර රෝගීන් 2843 ක් කිසිම සංකූලතාවයකින් තොරව සුවය ලබා ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසයි.

“දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ලනු ලබන ක්‍රියාමාර්ග” යන මැයෙන් (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආයුර්වේද කොමසාරිස්වරයා මෙම අදහස් පල කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ පළාත් සභා නවය ආවරණය වන පරිදි දැනට තෝරා ගෙන ඇති නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය ඇතුළු පහසුකම් සහිත ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බවත්, සමස්ත ඇඳන් සංඛ්‍යාවෙන් 48% ක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති බවත් ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය වෙදකම ප්‍රවර්ධනයට විශේෂ අවධානය යොමු කර ඇත. ඊට අනුකූලව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපනය කරනු ලැබීය. කොවිඩ් වසංගතයට ගොදුරුවන රෝගීන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර භාවිතයෙන් සුවපත් කිරීම පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

ඊට අමතරව දිවයින පුරා විසිරී සිටින 1000 කට අධික ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගනිමින් කොවිඩ් රෝග නිවාරණය කර ගැනීමට ප්‍රතිකාර කිරීමටත්, රෝගීන් සුවපත් වී ගිය පසුව ඇතිවන සංකූලතා සැලකිල්ලට ගනිමින් පශ්චාත් ප්‍රතිකාර සිදු කිරීමටද පියවර ගෙන ඇත. ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග ලක්ෂණ, සංකූලතා හා ආහාර රටාව ගැනද අවධානය යොමු කිරීම විශේෂත්වයකි. පළාත් සභා, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්ටමෙන් සුවධරණී, සුව තොරතුරු සේවාවක් ආරම්භ කර ඇත. නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට දේශීය ඖෂධ හා නිවැරදි මග පෙන්වීම ලබා දීමටත් ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇත.

මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම ප්‍රජා වෛද්‍ය නිලධාරීන් පිළිබඳව තොරතුරු දුරකථන අංක ද සහිතව ප්‍රකාශයට පත් කර ඇත. කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීම සඳහා මුවවැස්මක් භාවිතය, දෙදෙනෙකු අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා ගැනීම, දෑත් පිරිසිදු කිරීම, ස්වසන ක්‍රියාවලිය පිළිබඳව සැලකිලිමත්වීම, ප්‍රතිශක්තිකරණය ආරක්ෂාවන ආහාර රටාවකට යොමු වීම, කොත්තමල්ලි වැනි දේශිය ඖෂධ නිතර පානය කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් රෝගයට ගොදුරු නොවී සිටීමට පිළිවන.

ඊට අමතරව දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අය වැඩි වශයෙන් කොවිඩ් උවදුරට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා ඔවුන්ට ඉන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු, පාරම්පරික ලියාපදිංචි වෛද්‍යවරු පිළිබඳව තොරතුරු ඇතුලත් www.apewedamahaththaya.gov.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත. විවිධ රෝගී තත්ත්වයන්ට අදාළ වෛද්‍යවරු පිළිබඳව තොරතුරු මෙම වෙබ්අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

සියලුදෙනා එක්ව කෝවිඩ් ප්‍රශ්නය විසදාගත යුතුයි-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now