"2016 දී විශේෂ ඥානයක් ලැබිලා.." - 'අවලෝකිතේශ්වර බෝධිසත්වගේ' මනස බලන්න බන්ධනාගාරයට අද ආවේ කවුද දන්නව ද?.

Report

අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු බුදු දහම විකෘති කරමින් දේශනා පැවැත් බවට චෝදනා එල්ල විය.

"2016 දී විශේෂ ඥානයක් ලැබිලා.." -

අද (23) අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඔහුව පරීක්ෂාවට ලක් කළේ ය.

ඒ බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් පසුව යි.

පසුගිය 15 වෙනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව හෙට දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

"2016 දී විශේෂ ඥානයක් ලැබිලා.." -

මෙම පුද්ගලයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර හෙට දිනයට පෙර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා නියෝග කළේ ය.

ඒ අනුව ඔහු අද මෙලෙස පරීක්ෂාවට ලක් කළ අතර 2016 වසරේ දී තමන්ට විශේෂ ඥාණයක් ලැබුණු බවත්, ලංකාව පරිහානියට ලක්වීම හේතුවෙන් දිවයිනට පැමිණ දේශනා සිදුකළ බවත් අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා ප්‍රකාශ කර ඇත. 

Sponsored By Sarrita Jewellery


"2016 දී විශේෂ ඥානයක් ලැබිලා.." -