“එක්ස්ප්‍රස් පර්ල්” නිසා මියගිය සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇරඹේ..සියල්ල සවිස්තරාත්මකව (PHOTOS)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙනෙකුගේ හා ඩොලෆින් මත්ස්‍යයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (06) ආරම්භ කර තිබෙනවා. ඒ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ පශු ව්‍යාධි විද්‍යා දෙපාර්තුමේන්තුවේදී හා සත්ත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේදීයී.
ඉතාලියේ පඩෝවා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් එම කටයුතු අරඹා තිබෙනවා. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු පරීක්ෂණ අංශයේ නිලධාරීන්ට සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධව ජත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර මෙම වැඩසටහනේ අරමුණ මුහුදු කැස්බෑවන්ගේ සහ ජලජ ජීවින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පිළබඳ දැනුම හුවමාරු කර ගැනීමයි.
එක්සප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසු තල්මසුන්, කෑස්බෑවුන් හා ඩොල්ෆින් ඇතුළු සමුද්‍ර ජිවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වූ බවත් ඒ සම්බන්ධව මරණ පරික්ෂණ කටයුතු සිදු කර නෞකාවේ අනතුරින් මෙම සතුන් මියගියාද නැද්ද යන බව තහවුරු කර ගැනීම මෙම පරික්ෂණ වලින් සිදු කිරීමට කටයුතු කරන බවයි මෙහිදි අදහස් දැක්වු සාගර හා ජලජ පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මෙනවිය ප්‍රකාශ කළේ.
දිවයිනේ ප්‍රදේශ රැසක වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබූ එම සතුන්ගේ ශරීර කොටස් සුරක්ෂිත තබා ගත් බවත්, මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු වාර්තාවක් ලබා දීමට නියමිත බවත් ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති අචාර්ය ලලිත් ඒකනායක මහතා අදහස් දක්වමින් පැවසුවා. තෙදින වැඩමුළුවක් ලෙස පැවැත්වෙන මෙය සමුද්‍ර පරිසර සංරක්ෂණ අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තුනේතුව හා පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පශු වෛද්‍ය පීඨය ඒකාබද්ධව සංවිධානය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



