ලෝක පූජිත සංගීත තරු බිහි කළ ඕස්ට්‍රේලියානු සංගීතයේ දැවැන්තයා 'මොලී මෙල්ඩ්‍රම්' දිවි ගමනට සමුදෙයි

Report

ඕස්ට්‍රේලියානු සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී හා දැවැන්ත චරිතයක් වූ ප්‍රවීණ සංගීත ප්‍රවර්ධකයෙකු සහ රූපවාහිනී විකාශකයෙකු වන මොලී මෙල්ඩ්‍රම් (Molly Meldrum) දීර්ඝ කාලීන රෝගාබාධයකින් පසු වයස අවුරුදු 83දී අභාවප්‍රාප්ත වී තිබේ.

උපතේදී ඉයන් ඇලෙක්සැන්ඩර් මෙල්ඩ්‍රම් (Ian Alexander Meldrum) ලෙස නම් ලැබූ ඔහු, දශක ගණනාවක් පුරා ඕස්ට්‍රේලියානුවන්ගේ සංගීත රුචිකත්වය හැඩගැස්වීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

INXS සහ කයිලි මිනොග් (Kylie Minogue) වැනි ඕස්ට්‍රේලියානු කලාකරුවන් මෙන්ම ABBA වැනි ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීමේදී ද ඔහු පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.

සුවිශේෂී හැසිරීම් රටාව සහ නිරන්තරයෙන් පැළඳ සිටි 'ස්ටෙට්සන්' (Stetson) වර්ගයේ තොප්පිය හේතුවෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටි මෙල්ඩ්‍රම්, චාල්ස් රජුගේ සිට එල්ටන් ජෝන් (Elton John) දක්වා ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ.

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

මෙල්ඩ්‍රම්ගේ දායකත්වය අගය කරමින් එල්ටන් ජෝන් වරක් සඳහන් කර තිබුණේ ඕස්ට්‍රේලියානු පොප් සංගීතයට බලපෑම් කළ වැදගත්ම පුද්ගලයා ඔහු බවයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිකුත් කළ නිවේදනයකට අනුව, සඳුදා අලුයම මෙල්බර්න් නුවර රෝහලකදී ඔහු ඉතා සාමකාමීව අවසන් හුස්ම හෙළා තිබේ.

ආදරයෙන් 'The Guru' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු මොලී, ඕස්ට්‍රේලියානු සංගීතයේ හදගැස්ම, එහි ප්‍රබලතම සහායකයා සහ ආත්මය බඳු වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ. 2011 වසරේදී ඉණිමඟකින් ඇද වැටීමෙන් සිදු වූ මොළයේ හානියක් සමඟින් ඔහුට ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීමට සිදුව තිබිණි.

1943 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලැබූ මෙල්ඩ්‍රම් කුඩා කල සිටම සංගීතයට දැඩි ඇල්මක් දැක්වූ අයෙකි. පසුව ඔහු ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාවේ (ABC) 'Countdown' සංගීත රූපවාහිනී වැඩසටහන මෙහෙයවමින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේය.

ඉන් අනතුරුව 'Hey Hey, It's Saturday' නම් විවිධාංග වැඩසටහනේ ද කොටසක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේය.

2014 වසරේදී පටිගත කිරීම් සිදු කරන කලාකරුවෙකු නොවන පුද්ගලයෙකු ලෙස ඕස්ට්‍රේලියානු පටිගත කිරීමේ කර්මාන්ත සංගමයේ (ARIA) කීර්තිමත් පුද්ගල නාමාවලියට (Hall of Fame) ඇතුළත් වූ පළමු පුද්ගලයා බවට පත්වීමට ද මොලී මෙල්ඩ්‍රම් සමත් විය.

ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡා අතරට 1977 වසරේදී එවකට චාල්ස් කුමරු සමඟ පැවැත්වූ සාකච්ඡාව ද ඇතුළත් වේ. එහිදී දැඩි නොසන්සුන්භාවයට පත්ව සිටි මෙල්ඩ්‍රම්ට වචන පවා පැටලුණු අතර, ඔහු චාල්ස් කුමරු අමතමින්, "Your Royal Highness... අනේ, මට හොඳටම දාඩිය දානවා!" යනුවෙන් පවසා තිබිණි.

'Countdown' වැඩසටහනේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විශේෂ වැඩසටහනකදී චාල්ස් රජු ද එම අමතක නොවන සිදුවීම සිහිපත් කර තිබේ.

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

GalleryGallery