ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට
Colombo
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
Colombo politics heat up
By Shehan
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමඟ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැමිණ ඇති බව වාර්තා වේ.
[NH8ANG3
මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු වනු ඇත. ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙම දූත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
