ඉන්දියාව අසරණ කරමින් ඕස්ට්‍රේලියාව තරගයේ පළමු ශතකය වාර්තා කළේ මෙහෙමයි..
මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත් වෙයි.

බැලුව බැලුව හැම තැනම නිල් පාටින් පිරී යද්දී, මොකක්ද මේ එකපාරටම ඕස්ට්‍රේලියාව ගත්ත තීරණයකට හොඳ කියන්නේ?.
එහිදී පිළිතුරු ඉනිමට පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Travis Head පන්දු 95ක දී ලකුණු 100ක් ලබා ගනිමින් මෙම තරගයේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටියි.
කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඔවුන් පළමුව පන්දුවර පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේ ය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් ලබා ගැනීමට හැකි විය.