බැලුව බැලුව හැම තැනම නිල් පාටින් පිරී යද්දී, මොකක්ද මේ එකපාරටම ඕස්ට්‍රේලියාව ගත්ත තීරණයකට හොඳ කියන්නේ?.

Report

අද (19) පස්වරු 02.00 ට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරම්භ විය.

ඒ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ය.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන තරගය දැන් පැවැත් වෙයි.

ගුවන් සංදර්ශන සමගින් ආරම්භ වුණ ක්‍රිකට් මෞලි මංගල්‍යය නැරඹීමට ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් නිල් ඇඳගෙන පිටිය වෙත පැමිණ තිබෙනවා.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කල අතර ඉන්දියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් විය.

තියුණු තරගයක් - අවසන් මහා සටනේ ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ලැබුණ සුපිරි ඉලක්කය මෙන්න.

තියුණු තරගයක් - අවසන් මහා සටනේ ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ලැබුණ සුපිරි ඉලක්කය මෙන්න.


කෙසේ වෙතත්, එහිදී රෝහිත් ශර්මා ප්‍රකාශ කලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තමන්ට අවශ්‍ය වූ බවටයි.

මේ අතර තණ තීරුවේ ස්භාවය ගැන පැහැදිලි කල සංජේ මන්ජෙකාර් ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියාව ගත් තීරණය ඉතාමත් හොඳ තීරණයක් බවයි.