හරක් 09ක් ප්‍රවාහනය කළ පිරිසක් කොටුවෙයි.. කලක සිට කරපු මහා පරිමාණ ජාවාරමකුත් හසුවේ....

Report

ඇඹිලිපිටියේ සිට නීති විරෝධීව කුඩා ලොරි රථයක ප්‍රවාහනය කළ මී ගවයින් 09 දෙනෙකු සමග එම ලොරි රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු කොටවිල පොලීසිය විසින් කඹුරුගමුව මංසන්ධියේදී අද (18) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගවයන් පැටවූ ලොරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්න මොහොත වනවිටත් එක් ගවයකු මියගොස් සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඇත්තටම විදුලි ගාස්තුව 20%කින් අඩු කළා ද? මේ ගැන සත්‍ය කතාව මෙතනින් දැනගන්න.

ඇත්තටම විදුලි ගාස්තුව 20%කින් අඩු කළා ද? මේ ගැන සත්‍ය කතාව මෙතනින් දැනගන්න.


කලක සිට මෙම හරක් හොරකම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

ලොරි රථය අතුරු මාර්ග ඔස්සේ පැමිණ දක්ෂිණ අධිවේගයෙන් කොළඹ දෙසට හොර රහසේ ගමන්කිරීමට සූදානමක් තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, වාහනයේ කැබින් එක තුළද හෙරොයින් සුළු වශයෙන් තිබී සොයාගෙන තිබේ.

මෙම බට්ටාව වර්ගයේ ඩීසල් මෝටර් රථයේ ඉදිරිපස අංකය සහ ආදායම් බලපත්‍රය ද නොගැළපී ඇති අතර, ඒ හේතුවෙන් ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් මෙම ජාවාරම කරගෙන යන්නේදැයි සොයා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරුවන් අලුත්ගම දර්ගා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්... මේ ගැන අවධානයෙන් ඉන්න...

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්... මේ ගැන අවධානයෙන් ඉන්න...


ඔවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් මෙම ගවයන් සොරාගෙන ප්‍රවාහනය කරමින් සිට ඇති බව මෙතෙක් කළ ප්‍රශ්න කිරීම්වලින් පොලීසියට තහවුරු කර ගැනීමට හැකිව ඇත.

සැකකරුවන් කොටවිල පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, වැඩිදුර විමර්ශන වලින් පසු අද (18) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You May Like This Video