ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට වටිනා තෑග්ගක් ලැබේ...
ඊයේ කොළඹ පැවති විශේෂ උත්සවයකදී හිටපු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමත් සමඟ සමුද්‍රීය ආරක්ෂක තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් වී තිබේ.
ඔක්තෝම්බර් මස අගදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිසුන් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවෙන් ලැබුණු මෙම ත්‍යාගය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සාහය පෙන්නුම් කරන බවයි.
සමුද්‍රීය ආරක්ෂක ප්‍රයත්නයන්ට සහාය වීමට අමතරව, Beechcraft King Air 350 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් සඳහා වටිනා පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත. “මෙවැනි හැකියාවන් නැංවීමක් දෘඩාංගවලට පමණක් සීමා නොවේ, සැලකිය යුතු මානව අංගයක් ද ඇත.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තෑගි කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ඒ හා සමානව මෙම හැකියාව ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්ගේ මීළඟ පරම්පරාවේ පුහුණුව සහ සංවර්ධනය සඳහා දායක වනු ඇත,” රියර් අද්මිරාල් සොන්ටර් වැඩිදුරටත් පැවසීය.

