හැමෝම හොයන අගෝස්තු මාසයේ තරග විභාග කාලසටහන මෙන්න
අගෝස්තු මාසය ශ්‍රී ලංකාවේ සිසුන්, රැකියා අපේක්ෂකයන් සහ රාජ්‍ය සේවයට එක්වීමට බලාපොරොත්තු වන දහස් සංඛ්‍යාත පිරිසකට අතිශය වැදගත් මාසයකි. මෙම කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක් විවිධ තරග විභාග සහ විභාග පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විභාග සඳහා සූදානම් වන සියලු දෙනා තම ප්‍රවේශපත් නියමිත වේලාවට බාගත කර ගැනීම, විභාග මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු කල්තියා පරීක්ෂා කිරීම සහ විභාග දෙපාර්තමේන්තුව හෝ අදාළ ආයතනය නිකුත් කරන නිල උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2026
දිනය: අගෝස්තු 2
ස්ථානය: කොළඹ
දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026
දිනය: අගෝස්තු 2
ස්ථාන: ගාල්ල, මාතර
සබරගමුව පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2026
දිනය: අගෝස්තු 8
ස්ථානය: රත්නපුර
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2021 (2026)
දිනය: අගෝස්තු 16
ස්ථානය: කොළඹ
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2025 (2026)
දිනයන්: අගෝස්තු 21, 22 සහ 23
ස්ථානය:කොළඹ
කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලය සහ සිංහල ශබ්දකෝෂ කාර්යාලය සඳහා සහකාර කර්තෘ තනතුරට බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය - 2021 (2026)
දිනයන්: අගෝස්තු 29 සහ 30
ස්ථානය: කොළඹ
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2021 I (2026)
දිනයන්: අගෝස්තු 29 සහ 30
ස්ථානය: කොළඹ
August Sinhala_1783578047517 (3) by kanchana