හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර හා දකුණු ආසියානු කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේ කොළඹදී

By Malith Madushan Aug 01, 2026 04:38 AM GMT
Report

හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund - GCF) නැගෙනහිර හා දකුණු ආසියානු කලාපීය සංවාදය 2026 සැප්තැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ හරිත දේශගුණ අරමුදලේ ජාතික බලයලත් අධිකාරිය වන පරිසර අමාත්‍යාංශය සහ හරිත දේශගුණ අරමුදල එක්ව මෙම සංවාදය සංවිධානය කරයි.

දේශගුණික ආයෝජන සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් ස්ථානගත කිරීම, දේශගුණික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, කලාපීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ හරිත දේශගුණ අරමුදලේ නව උපායමාර්ග පිළිබඳ දැනුවත් කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.

කාලගුණයෙන් රටම කැළඹෙන විට ඉදිරි පැය 24 සඳහා තවත් අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් රටම කැළඹෙන විට ඉදිරි පැය 24 සඳහා තවත් අනතුරු ඇඟවීමක්

බංගලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, මොංගෝලියාව, නේපාලය, පාකිස්තානය, දකුණු කොරියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11කින් නියෝජිතයන් 120කට අධික පිරිසක් මෙම සංවාදයට සහභාගී වීමට නියමිතය. ජාතික බලයලත් අධිකාරීන්, ප්‍රතීතනය ලත් ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඊට එක්වනු ඇත.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන්, තාක්ෂණික විශේෂඥයන් සහ ජාත්‍යන්තර දේශගුණික මූල්‍ය ආයතන සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට මෙන්ම දේශගුණික මූල්‍ය හා විදේශ ප්‍රදාන සඳහා ප්‍රවේශය පුළුල් කර ගැනීමට අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ උද්ධමනය යළි ඉහළට - ජූලි මාසයේදී 7.3%ක් දක්වා වර්ධනය වෙයි

කොළඹ උද්ධමනය යළි ඉහළට - ජූලි මාසයේදී 7.3%ක් දක්වා වර්ධනය වෙයි

ශ්‍රී ලංකාව මේ වන විට හරිත දේශගුණ අරමුදලේ සහාය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52.1ක වැව් ගම් පුබුදුව (Climate Resilient Integrated Water Management Project) ව්‍යාපෘතිය සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 49ක GCF නකල්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටී.

එමෙන්ම, 2024–2027 කාලසීමාව සඳහා ප්‍රමුඛතා ව්‍යාපෘති සංකල්ප පහක් GCF වෙත ඉදිරිපත් කර ඇති අතර, DFCC බැංකුව ඉදිරිපත් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5ක Climate Resilient Fisheries in Sri Lanka ව්‍යාපෘති සංකල්පයටද අනුමැතිය හිමිව තිබේ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...