අගෝස්තු පටන් ගද්දිම ඉස්තරම් වුණ රත්තරන් මිල - කැරට් ගාණට, පවුම් ගාණට වෙනස් වෙන අද රන් මිල ගණන් මෙන්න
අද(01) දින මෙරට රන් මිල ඊයේ(31) දිනට සාපේක්ෂව මිලදී ගැනීමේ මිලෙහි යම් වෙනසක් දක්නට ලැබුණ ද විකුණුම් මිලෙහි වෙනසක් දැක ගත නොහැකි විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අද රන් මිල වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,955ක් සහ එහි විකුණුම් මිල රුපියල් 385,000ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,335ක් සහ එහි විකුණුම් මිල රුපියල් 352,700ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,320ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,870ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,750ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,800ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.