රෝහල්වල මානව සම්පත් හිඟයට තිත- සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 14කට අරලියගහ මන්දිරයේදී විශේෂ පත්වීම්

Report

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 4කක්ෂේත්‍ර 14ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේ දී පැවැත් වේ.

   ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහභාගිවීමට නියමිතව තිබේ

මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා,ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන සෞඛ්‍ය වෘත්තීය සේවාවන්ට අයත් වෘත්තිකයින් 1,444 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව ඇත

ඒ අනුව මෙහි දී,

කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ඛණ්ඩය යටතේ වෛද්‍ය සැපයීම් සහකාර 06

වාට්ටු ලිපිකරු 50

නිවාස පාලක/පාලිකා 37 දෙනෙකු සඳහා ද,

ප්‍රාථමික ශිල්පීය සේවා ගණය යටතේ සෞඛ්‍ය රියදුරු 07 රෝහල් ඕවර්සියර් 121 දෙනෙකු සඳහා ද,

ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය යටතේ

සංචාරක බංගලා භාරකරු 03 පෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු 07 කරණවෑමි 01 විකලාංග කාර්මික සහායක 37 ජලනල කාර්මික 31 මැහුම් ක්‍රියාකරු 64 අරක්කැමි 144 දෙනෙකු සඳහා ද, ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය යටතේ සෞඛ්‍ය කාර්ය සහායක 651 ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක 285 දෙනෙකු සඳහා ද පත්වීම් ලබාදීමට නියමිතව ඇත.

ඔබේ ගෙදර තියෙන පරණ විද්‍යුත් අපද්‍රව්‍යවලට වෙන්න යන දේ මෙන්න - CEA සහ Dialog එකතුවී ගත් ලොකු තීරණය

ඔබේ ගෙදර තියෙන පරණ විද්‍යුත් අපද්‍රව්‍යවලට වෙන්න යන දේ මෙන්න - CEA සහ Dialog එකතුවී ගත් ලොකු තීරණය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනේ තවත් දැවැන්ත පියවරක් ලෙස මෙම පත්විම් ප්‍රධානය සිදු කරනු ලබයි

රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මානව සම්පත් හිඟය අවම කිරීම සහ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ   .

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න